සමූපකාර වෙළඳසැල්වලට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතීනම් තම පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා මගින් ඒවා ලබාගැනීමට කටයුතු කරන ලෙස සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා සියලූම විවිධ සේවා සමූපකාර සමිතිවලට දන්වා සිටිනවා.
රජය මගින් පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය අවසන් වූ වහාම, පාරිභෝගික ජනතාවට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට එම අලෙවිසැල් විවෘත කරන ලෙසද කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
එසේම කොළඹ මහ නගර සභාවේ පදිංචි මහජන ආධාරලාභීන්ට 071 447 32 30 යන දුරකථන අංකයට අමතන ලෙස නාගරික කොමසාරිස්වරයා දැනුම්දීමක් සිදුකරනවා.
ඒ, වියලි ආහාර සලාක ලබාදීමේ කටයුතු සම්බන්ධීකරණය කරගැනීමේ අරමුණින්.