සිංගප්පූරුවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තාවෙයි
Saturday, 21 March 2020 - 15:30 | Views - 1,895
සිංගප්පූරුවේ ප්‍රථම කොරෝනා වෛරස් මරණය අද වාර්තා වූ අතර, 75 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම 64 හැවිරිදි ඉන්දුනිීසියානුවෙකුද සිංගප්පූරුවේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඉන්දුනීසියානු ජාතිකයා පසුගිය 13 වනදා සිංගප්පූරුවට පැමිණ ඇත්තේ එහි ප්‍රසිද්ධ රෝහලක ප්‍රතිකාර ලැබීමටයි.
ආසාධ්‍ය තත්ත්වයට පත් වූ ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පසුව තහවුරු වී තිබෙනවා.
මේ වනවිට සිංගප්පූරු ජාතිකයන් 385 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
Share This Article