රාජකාරිය ජීවිතයම කරගත් පොලොන්නරුවේ ගිලන් රථ රියදුරෙක් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනියි
අද අළුයම 1.45ට පමණ ගොකරැල්ල පොලිස් වසමේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල ඉන්ධන හල අසලදී පොළොන්නරුව රෝහලට අයත් ගිලන් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
එම ගිලන් රථය කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය කරමින් සිටියදී රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
අනතුරින් තුවාල ලැබූ ගිලන් රථයේ රියදුරු හා රිය සහායක පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි නව මැදගම දෙහිඅත්තකන්ඩිය ප්රදේශය් පදිංචිකරුවෙක්.
ඔහු පොළොන්නරුව රෝහලට අත්‍යවශ්‍ය ඹෟෂධ රැගෙන යමින් සිටියදී මෙලස අවාසානාවන්ත ලෙස මියගොස ඇතිබවත් පැවසෙනවා.
රිය සහායක පොල්ගොල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගොකරැල්ල පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනවා.