ඇඳිරිනීතිය කැඩූ තවත් 20 ක් අත්අඩංගුවට
Saturday, 21 March 2020 - 14:52 | Views - 778
පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක අවස්ථාවේ එය කඩකල තවත් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, උහන ප්‍රදේශයේදී නිකරුනේ ගැවසෙමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් 3 දෙනෙකු ළඟ තිබී ගංජා ග්‍රෑම් 1ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 40ක් ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එසේම, බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේදී ද, ඇඳිරිනීතිය කඩකරමින් මාර්ගයේ සැරිසරමින් සිටි 10 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල - වැලිමඩ මාර්ගයේ ගල් පල්ලිය හන්දියේදී ද ඇඳිරි නීතිය කඩකරමින් ලොරි රථයකින් ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 48 දෙනෙකු මේ වනවිට දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට අදාළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් නිවේදනය කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top