අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම අද සිට ඇරඹේ
Saturday, 21 March 2020 - 14:50 | Views - 1,745
පෞද්ගලික අංශයට සහ සතොස ඇතුළු ආයතනවලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ කිසිදු ආහාර ද්‍රව්‍යයක් හිඟයකින් තොරව රට තුළ පවතින බවයි.
මේ අතර, අත්‍යාවශ්‍ය ආනයන නිෂ්කාෂණ සහ අපනයන කටයුතු සඳහා සියළු පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කළා.
ඒ සඳහා අදාළ කාර්ය මණ්ඩල සේවයේ නිරතව සිටිනවා.
එම සේවාවන් සඳහා ශ්‍රී ලංකා රේගුව අමතන ලෙසයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article