කොරෝනා ආසාදනය වූ බවට සැකයෙන් 245ක් තවදුරටත් රෝහල්වල
Saturday, 21 March 2020 - 14:43 | Views - 1,282
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයන් 245 දෙනෙකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා.

මේ දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 72ක්.

බේරුවල - පිංහේන - මොරොස්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ දරුවා ස්වයං නිරෝධායනකට ලක් කර තිබෙනවා.

විදෙස් සංචාරකයන්ගේ මාර්ගෝපදේශකයෙකුගේ රියදුරෙකු ලෙස කටයුතු කරන මොහු පසුගිය 15 වන දා සංචාරයක් නිම කර නිවසට පැමිණීමෙන් පසු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, ඔහු සමඟ කටයුතු කළ සංචාරක මාර්ගෝපදේශකයාට ද අදාළ වෛරසය වැළදී ඇති බව අනාවරණ වී තිබෙනවා.

මේ අතර, යාපනය, ෆිලඩෙල්ෆියා දෙව් මැදුරේ පසුගිය 15 වන දා පැවති දේව මෙහෙයට සහභාගි වූ පිරිසට වහාම සෞඛ්‍ය බලධාරීන් අමතන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

එම දේව මෙහෙය පැවැත්වූ ස්විට්සර්ලන්ත දේවගැතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වීම ඊට හේතුවයි.

මේ අතර, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීශ්වරන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එම දේව මෙහෙයට සහභාගි වූ දෙදෙනෙකු වෛරසය ආසාදනය වූ බවට සැකයෙන් රෝහල් ගත කර ඇති බවයි.

එමෙන්ම, ඊට සහභාගි වූ අනෙකුත් බැතිමතුන්ට 021 22 17 278 යන දුරකථන අංකයට අමතන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top