චීනයේ තුන් වන දිනටත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් නැහැ
Saturday, 21 March 2020 - 9:00 | Views - 2,324
චීනයෙන් තුන් වන දිනටත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති අතර, පිටතින් රෝගය රැගෙන ආ පුද්ගලයන් පිළිබඳ පමණයි වාර්තා වී ඇත්තේ.

එරට ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කරන පරිදි ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් 41 දෙනාම විදේශයන් හි දී වෛරසයට ගොදුරු වී පැමිණි අයයි. ඒ අනුව එලෙස චීනයට පිටතින් වෛරසය රැගෙන ආ සංඛ්‍යාව 269ක්.

කෙසේ නමුත්, චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව 81,261ක් වන අතර, එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3255ක්.

ඊයේ දිනයේදී චීනයේ කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 7කින්.

පසුගිය දෙසැම්බර් මාසයේ කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ වෛරසයේ කේන්ද්‍රය වූ වූහාන් නගරයෙන් නව ආසාදිතයන් වාර්තා නොවීම, කොරෝනා වෛරසය මිහිපිටින් තුරන් කිරීම සඳහා ලෝකයට නව බලාපොරොත්තුවක් ලබාදී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top