පුද්ගලයින් 11,842ක් ස්වයං නිරෝධායනයට - රට ගැන සිතා ජාතික ක්‍රියාන්විතයට සහය දෙන්න
Saturday, 21 March 2020 - 8:26 | Views - 863
දිවයින පුරා පුද්ගලයින් 11,842ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
යුද හමුදාපතිවරයා මේ බව පවසා සිටියේ හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.
ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ ජනතාවගෙන් උපරිම සහයෝගය මෙම ජාතික ක්‍රියාන්විතයට ලැබිය යුතු බවයි.
එසේ නැතිවුවහොත් මෙම තත්වය බරපතළ විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රට ගැන සිතා කටයුතු කරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article