ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට
Saturday, 21 March 2020 - 8:25 | Views - 2,228
ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක එය කඩ කළ පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ බණ්ඩාරවෙල නගරයේදී පුද්ගලයින් 8 දෙනෙකු සහ හපුතලේ නගරයේදී එක් පුද්ගලයෙකු ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මීට අමතරව තංගල්ල ප්‍රදේශයේදී ද එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක එය කඩ කරමින් මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන්.
පොලීසිය සඳහන් කළේ අත්‍යාවශ්‍ය සේවා හැර ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක මෙලෙස ගමන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
Share This Article