දඹදිව ගිය 210 දෙනෙකු යළි දිවයිනට
Saturday, 21 March 2020 - 8:24 | Views - 670
දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් 210 දෙනෙකු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.
ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 10.15ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 196 දරණ ගුවන් යානයෙන් ඔවුන් පැමිණි බවයි.
පසුව සියළු දෙනාම නිරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙතට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් රැගෙන ගොස් තිබෙනවා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වසා තිබියදී දඹදිව වන්දනාවේ ගොස් සිටි පිරිස් ගෙන්වා ගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය මෙලෙස පියවර ගනු ලැබුවා.
Share This Article