සමාජ මාධ්‍ය තුලින් අනාවරණ වූ කුඩා දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්
Friday, 20 March 2020 - 16:48 | Views - 2,802

කුඩා දැරියක් අපයෝජනයට ලක් කරන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන අප්‍රේල් මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.
ආඬිඅම්බලම ප්‍රදේශයේදී 36 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම පුද්ගලයා දැරියගේ ඥාතියෙකු වන අතර ඔහු ද ආඬිඅම්බලම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යා පර්යේෂණ අංශය මගිනුයි විමර්ශණ සිදු කරනු ලැබුවේ.
කුඩා දැරියක් අපයෝජනයට ලක් කරන අයුරු දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් සිදු කරන ලද ජාලගත විශ්ලේෂණ වාර්තා අනුව සිදු කළ විමර්ශනයේදී අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන තිබුනා.
සැකකරු ඒ වන විටත් සැඟව සිට ඇති අතර ඔහුගේ දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව ලබාගත් තොරතුරු මතයි අත්අඩංගුවට ගැනුනේ.
මෙම සැකකරු අදාළ දැරිය ඇයගේ නිවස තුලදී සහ ඇයගේ නිවසින් පිටත අවස්ථා කිහිපයකදීම මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවටයි විමර්ශන මගින් තහවුරු වී ඇත්තේ.
සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
Share This Article