මනාලයාට මිරිස් කුඩු ගසා පැරණි පෙම්වතා, මනාලිය පැහැරගෙන
Friday, 20 March 2020 - 15:35 | Views - 3,390

අලූත විවාහවූ යුවළක් මෝටර් රථයකින් නිවසට යමින් සිටියදී වෙනත් මෝටර් රථයකින් තරුණයින් සිව් දෙනෙකු සමග පැමිණි පැරණි පෙම්වතා වාහනය නතරකොට පාර හරස් කොට මනමාලයාට මිරිස්කුඩු ගසා මනාලිය පැහැරගෙන ගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
ඉකුත් 13 දා විවාහවී ඇති එම යුවළ තුංකම හල්මිල්ලකැටිය ප්‍රදේශයේ පිහිටි නිවසට මෝටර් රථයෙන් තණමල්විල, උඩවලව මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.
මනාලියගේ පැරණි පෙම්වතා වන නිට්ටඹුව, වතුපිටිවල රණවිරුගම පදිංචි තරුණයකු තවත් තරුණයින් හතර දෙනෙකු සමග මෝටර් රථයෙන් බැස මනාලයාගේ මුහුණට මිරිස්කුඩු ගසා එහි සිටි මනාලියට මෝටර් රථයෙන් එළියට ගෙන පැරණි පෙම්වතා පැමිණි මෝටර්රථයට දමාගෙන පළාගොස් ඇති බවත් සදහන්. ඒ අවස්ථාවේදී මනාළ යුවල කෑගසා ඇතත් එම ප්‍රදේශයේ පාළු ස්ථානයක් නිසා කිසිවකු උදව්වට පැමිණ නැති බවයි සදහන් වන්නේ. පැහැරගෙන ගිය මනාළිය බුළුතොට මාඋස්සකන්ද ප්‍රදේශයේ පදිංචි විසිනව හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක්.
මොනරාගල පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පිට තණමල්විල සහකාර පොලිස් අධිකාරී ඒ. එස්. කේ. කරුණාරත්න මහතාගේ උපදෙස් පිට තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ටී. එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.
Share This Article