මනාලයාට මිරිස් කුඩු ගසා පැරණි පෙම්වතා, මනාලිය පැහැරගෙන
Friday, 20 March 2020 - 15:35 | Views - 3,391
අලූත විවාහවූ යුවළක් මෝටර් රථයකින් නිවසට යමින් සිටියදී වෙනත් මෝටර් රථයකින් තරුණයින් සිව් දෙනෙකු සමග පැමිණි පැරණි පෙම්වතා වාහනය නතරකොට පාර හරස් කොට මනමාලයාට මිරිස්කුඩු ගසා මනාලිය පැහැරගෙන ගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

ඉකුත් 13 දා විවාහවී ඇති එම යුවළ තුංකම හල්මිල්ලකැටිය ප්‍රදේශයේ පිහිටි නිවසට මෝටර් රථයෙන් තණමල්විල, උඩවලව මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.

මනාලියගේ පැරණි පෙම්වතා වන නිට්ටඹුව, වතුපිටිවල රණවිරුගම පදිංචි තරුණයකු තවත් තරුණයින් හතර දෙනෙකු සමග මෝටර් රථයෙන් බැස මනාලයාගේ මුහුණට මිරිස්කුඩු ගසා එහි සිටි මනාලියට මෝටර් රථයෙන් එළියට ගෙන පැරණි පෙම්වතා පැමිණි මෝටර්රථයට දමාගෙන පළාගොස් ඇති බවත් සදහන්. ඒ අවස්ථාවේදී මනාළ යුවල කෑගසා ඇතත් එම ප්‍රදේශයේ පාළු ස්ථානයක් නිසා කිසිවකු උදව්වට පැමිණ නැති බවයි සදහන් වන්නේ. පැහැරගෙන ගිය මනාළිය බුළුතොට මාඋස්සකන්ද ප්‍රදේශයේ පදිංචි විසිනව හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක්.

මොනරාගල පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පිට තණමල්විල සහකාර පොලිස් අධිකාරී ඒ. එස්. කේ. කරුණාරත්න මහතාගේ උපදෙස් පිට තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ටී. එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top