අධිවේගී මාර්ග අද පස්වරු 6 තෙක් විවෘතයි- අත්‍යවශ්‍ය සේවා සඳහා අධිවේගී මාර්ග භාවිත කළ හැකියි
Friday, 20 March 2020 - 14:09 | Views - 757
අධිවේගී මාර්ග අද පස්වරු 6 තෙක් විවෘත වන බවත් ඉන් පසුවත්, අත්‍යවශ්‍ය සේවා සඳහා අධිවේගී මාර්ග භාවිත කළ හැකි බව, මාර්ග මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි.
ඒ අනුව පස්වරු 6න් පසු සියලුම අධිවේගී මාර්ග වල එක් මංතීරුවක් ගිලන් රථ, අත්‍යාවශ්‍ය සේවා හා ඇදිරිනීතිය යටතේ ගමන් කිරීමට බලපත්‍ර හිමි අයගේ ගමනාගමනය සදහා විවෘත කර ඇත. සිදුවන අපහසුතාවය වලක්වා ගැනීමට සාමාන්‍ය ජනතාව ඇදිරිනීතිය පැනවීමට පැය 2කට පමණ පෙරවත් එනම් පස්වරු 4.00ට පෙර අධිවේගී මාර්ග වලට ඇතුලු වන ලෙස මහාමාර්ග අමාත්‍යාංශය මහ ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කරයි.
Share This Article