කොරෝනා වෛරසය මැද ඔලිම්පික් ගිනිසිළුව ජපානයට
Friday, 20 March 2020 - 13:54 | Views - 641
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැද ඔලිම්පික් ගිනිසිළුව ජපානයට ළඟා වී තිබෙනවා.
ඔලිම්පික් තරගාවලියට පෙර මෙම ගිනිසිළුව ලොව වටා සංචාරය කරන අතර, ජපානයට ළඟා වී ඇත්තේ ග්‍රීසියේ සිටයි.
මෙම වසරේ ජුනි 24 වන දා සිට අගෝස්තු 5 වන දා දක්වා ජපානයේ ටෝකියෝ අගනුවර දී මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ ඔලිම්පික් උළෙල පැවැත්වීමට හැකියාව ලැබේ ද යන්න නිශ්චිත වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Share This Article