ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්වලට බලපෑමක් නැහැ
Friday, 20 March 2020 - 11:12 | Views - 1,448
ඇඳිරි නීතිය බල පැවැත්වුණ ද අත්‍යවශ්‍ය සේවා වලට ඉන් බලපෑමක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවසර ලබාදී ඇති බවයි.
අද පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව ජනාධිපති කාර්යාලය මීට පෙර නිවේදනය කළා.
Share This Article