කොරෝනා හේතුවෙන් ඉන්ධන අලෙවියත් පහළට
Friday, 20 March 2020 - 10:26 | Views - 1,318
කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා ඉන්ධන අලෙවිය සියයට 20කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ගත වූ දින කිහිපය තුළ ජනතාව ප්‍රවාහන කටයුතු අඩු කර ඇති අතර, මේ හේතුවෙන් ඉන්ධනහල් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය ද අඩු වී තිබෙනවා.
පොදු ප්‍රවාහන සේවා භාවිතය අඩු කිරීම නිසා ඇතැම් බස් රථ ධාවනය කිරීම ද අත්හිටුවා ඇති අතර, මෙම තත්ත්වය තුළ ඉන්ධන අලෙවිය පහත වැටී ඇති බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Share This Article