Covid 19 වෛරසයේ රෝග ලක්ෂණ ගැන ඔබ දැනුවත්ද? රෝගයෙන් ආරක්ෂා වන්නේ කොහොමද?
Friday, 20 March 2020 - 8:19 | Views - 2,051

මේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යප්ත වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ගැන ඔබ දැනුවත්ද..?
වෛරසයෙන් වැළකී සිටින්නේ කෙසේද..?
චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාපත් වීම ආරම්භ වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් රැසක් බිළිගනිමින් සිටිනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ලකුණු එක්වරම නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවූ වහාම රජයේ රෝහලකට යොමු විය යුතුයි.
පළමු දිනයේ සිට තුන්වන දින දක්වා රෝග ලක්ෂණ ලෙස සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍යයෙන් මතුවනවා.
නමුත් 4වන දිනයේ දී උගුරේ වේදනාව තරමක් පෙන්නුම් කරන අතර ශරීරයේ උෂ්ණත්වය ද තරමක් ඉහළ යයි.
එක් එක් පුද්ගලයා අනුව ආහාර අරුචිය, මෘදු හිසරදය සහ මෘදු පාචනය ද පෙන්නුම් කරයි.
එමෙන්ම වෙහෙසට පත්ව සිටින පුද්ගලයින්ට සන්ධිවල තරමක වේදනාවක් දැනේ.
එක් එක් පුද්ගලයාට අනුව මෙම රෝග ලක්ෂණ වෙනස් වන අතර රෝගය හඳුනා ගැනීමට දින 10ක් 14ක් ගත වනවා.
එමෙන්ම කොරෝනා වෛසරය වසංගතයක් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙන්නේ හැකි පමණ අනවශ්‍ය එක්රැස්වීම් වලින් වැළකෙන ලෙසයි.
මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෛද්‍ය උපකරණ හිඟයක් මතුව ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
Share This Article