මධ්‍යස්ථාන 17 ක් තුළ 2463 ක් නිරෝධායනය කෙරේ - 8437 ක් ස්වයං නිරෝධායනයට ලියාපදිංචි වෙයි
Friday, 20 March 2020 - 7:52 | Views - 931
දැනට ශ්‍රී ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන 17 ක පුද්ගලයින් 2,463 ක් නිරෝධායනයට ලක්ව සිටිනවා.

ඉන් 27 දෙනෙකුම විදේශිකයන් වන බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

දැනට මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59 ක් වන අතර, ඊයේ දිනයේදී පමණක් නව කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

කොරෝනා ආසාදිතයින්ගෙන් 25 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වනවා.

ඉතාලියේ සිට පැමිණි විසි දෙදෙනෙකුත්, එක්සත් රාජධානියේ සිට පැමිණි දෙදෙනෙකුත්, ඉන්දියාවේ සිට පැමිණි එක් අයෙකුත් එලෙස හඳුනාගෙන ඇති බවයි කොරෝනා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මීට අමතරව නිරෝධායන කඳවුරුවලින් හඳුනාගත් විසි දෙනෙකුද ඒ අතර සිටිනවා.

එමෙන්ම, ස්වයං නිරෝධායනය ක්‍රියාවලිය සඳහා කළ ඉල්ලීමට අනුව මේ වනවිට 8,437 දෙනෙකු ලියාපදිංචි වී සිටින බව සඳහන්.

මේ අතර, දැනට කොරෝනා ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර ලබන අයි.ඞී.එච්. රෝහලේ කාර්ය මණ්ඩලය හමුවී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඔවුන් ඇගයීමට ලක් කළා.

එමෙන්ම, කොරෝනා වෛරසය පැතිර යාම වළක්වා ගැනීමේ අරමුණින් රජය විසින් අද සිට 27 වැනිදා දක්වා රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ වෙත දැනුම් දුන්නේ නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.

මේ අතර, දඹදිව වන්දනාවේ ගොස් චෙන්නායි මහාබෝධී මධ්‍යස්ථානයේ රැඳී සිටින අවසන් කණ්ඩායමත් අද දිනයේ දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා මහාබෝධී සමාගමේ චෙන්නායි මහාබෝධී මධ්‍යස්ථානාධිකාරී පූජ්‍ය කලවානේ මහානාම හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කළේ 74 දෙනෙකු එලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 122 දරන යානයෙන් අද උදෑසන 9.35 ට චෙන්නායි සිට ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බවයි.

එමෙන්ම, තවත් 54 දෙනෙකු ඉන්දියාවේ සිරවී සිටින බවත්, ඔවුන්ට චෙන්නායි වෙත පැමිණෙන ලෙස දැනුවත් කළ ද මේ දක්වා පැමිණ නොමැති බවත්, උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන් අද දිනය තුළ පැමිණියහොත් අදාළ ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමට අවශ්‍ය කටයුතු සලසා දිය හැකි බවයි ශ්‍රී ලංකා මහාබෝධී සමාගමේ චෙන්නායි මහාබෝධී මධ්‍යස්ථානාධිකාරී පූජ්‍ය කලවානේ මහානාම හිමියන් සඳහන් කළේ.

මේ අතර, පෞද්ගලික ගුවන් සමාගම් හරහා දඹදිව වන්දනාවේ පැමිණි 150 ක  වන්දනාකරුවන් පිරිසක් මේ වනවිට නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් පාලනය වන ශ්‍රී ලංකා නවාතැන්කරුවන්ගේ නවාතැන්පොලෙහි සිරවී සිටිනවා.

ප්‍රවේශ පත්‍ර නොමැතිවීම හේතුවෙන් තම පිරිසට දිවයිනට පැමිණීමට නොහැකිව සිටින බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අදාළ වන්දනා නඩයේ සිටින මාවනැල්ල ශ්‍රී නිග්‍රෝධාරාම කන්ද මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය එලදැද්දේ සද්ධාසීල හිමියන් සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top