රුසියාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි
Thursday, 19 March 2020 - 16:50 | Views - 1,233
කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් රුසියාවේ සිදුවූ ප්‍රථම මරණය අද වාර්තා වුණා.
එරට සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කළේ 79 හැවිරිදි කාන්තාවක් මෙලෙස කොරෝනා වෛරසය හේතුවෙන් නියුමෝනියා තත්ත්වයට පත්වී මියගිය බවයි.
රුසියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 147 ක්.
මේ අතර, ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 19,058 දක්වා ඉහළ ගොස් ඇති අතර, එම මරණ සංඛ්‍යාව 8939ක්.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සහ ඊට එරෙහිව සටන් වැදීම සඳහා ඉන්දීය රජය ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද රාත්‍රී 8 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 151ක් වන අතර, එරටින් මරණ 3ක් ද වාර්තා වුණා.
Share This Article