සියලුම රාජ්‍ය සේවකයන්ට 23 වනදා වැටුප්
Thursday, 19 March 2020 - 15:35 | Views - 2,159
සියලූම රාජ්‍ය අංශවල සේවකයන්ට මේ මස 23 වන සදුදා මාසික වැටුප ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අද දිනය දක්වා නිවාඩු ලබාදී තිබූ අතර හෙට සිට ලබන 27 දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින්ට නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරතවන ලෙසයි රජය අද දැනුම් දෙනු ලැබුවේ.
මේ අතර, ශ්‍රී පාද වන්දනාකරුවන්ට හැටන් - නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ගමන් කිරීම සම්පූර්ණයෙන් නවතා දැමීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
නව කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සදහා මෙම පියවර ගත් බවයි පොලීසිය සදහන් කළේ.
පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය වෙත පැමිණ ශ්‍රී පාද වන්දනාව සදහා ගොස් තිබෙනවා.
රටේ පවතින තත්ත්වය හමුවේ වන්දනාකරුවන් ශ්‍රී පාදයට පැමිණීම අවදානම් සහගත බවයි පොලීසිය සදහන් කළේ.
Share This Article