පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුවේ කොච්චිකඩේ බලප්‍රදේශයට යළිත් පොලිස් ඇඳිරිනීතිය
Thursday, 19 March 2020 - 15:23 | Views - 699
කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම සලකා පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව - කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 2 සිට යළි පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබුවා.
ඊයේ පස්වරු 4.30 සිට මෙම ප්‍රදේශවලට පළමු වරට පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර අද පෙරවරු 8ට එය ඉවත් කෙරුණේ මහ මැතිවරණයේ නාමයෝජනා භාරගැනීමේ කටයුතු බාධාවකින් තොරව සිදුකිරීම සඳහායි.
මේ අතර, කොරෝනා රෝගියෙකු හමුවීමත් සමග ජනතාවගේ ආරක්ෂාව සලකා වරකාපොල නගරයේ කඩ සාප්පු වසා දැමීමට තීරණය කර තිබෙනවා.
වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව, සඳහන් කළේ වෙළඳ සංගමය, සෞඛ්‍ය බලධාරින් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
නෙළුම්දෙණිය, මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම කොරෝනා වෛරසය ආසාදිතයා වරකාපොල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වනවා.
ඔහු සමග සමීපව ඇසුරු කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ද මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ.
Share This Article