දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය මුහුණදී ඇති දරුණුම අර්බුදය කොරෝනා වෛරසයයි
Thursday, 19 March 2020 - 9:00 | Views - 938
කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ති වීම දෙවන ලෝක යුද්ධයෙන් පසු තම රට මුහුණදෙන දරුණුතම අර්බුදය බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසනවා. ඇය කියා සිටියේ මෙම වෛසරය ව්‍යාප්තිය නතර කිරීම සඳහා ලොව සියලූ රටවල් එක්විය යුතු බවයි.
මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ජර්මනියේ 28 දෙනෙකු මියගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 12,327ක්. එමෙන්ම ගතවූ පැය විසි හතර තුළ කිසිදු චීන ජාතිකයෙකුට රට තුළදී වෛරසය ආසාදනය වී නොමැති බව චීන මාධ්‍ය වාර්තා කළා.
මේ අතර ලොව පුරා ආසාදිතයන් දෙලක්ෂ 17,247 ක් මේ වනවිට වාර්තාවී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,784 ක්.
Share This Article