
උද්ගතව ඇති තත්ත්වය හමුවේ රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර සියලු ආයතන වසා දැමීමට තීරණය කළහොත් එයට සහාය දීමට හාම්පුතුන්ගේ සම්මේලනය වෘත්තීය සමිති එකඟතාවකට පෙරේදා (17දා) පැමිණ තිබේ.
දැනට අත්‍යවශ්‍ය සේවාවලට බඳුන්වන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවා බාධාවලින් තොරව පවත්වාගෙන යෑමටත්, කම්කරු උපදේශන සභාව රජය විසින් කරගෙන යනු ලබන නිරෝධායන වැඩසටහනට සහයෝගය දීමටත් කර්මාන්ත ශාලාවල පැන නඟින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කම්කරු අමාත්‍යාංශය පෙරේදා (17දා) විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොරෝනා ව්‍යාප්තිය මැඬලීම සඳහා පිහිටුවන ලද කමිටුව හරහා මෙයට විසඳුමක් සැලසීමටත් තීරණය කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා ජනතාවට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමටත් මුළු රටම රජය මඟින් නැවත නිවේදනය කරන තුරු එම ක්‍රමය පවත්වාගෙන යන ලෙස උපදෙස් දෙන ලදී.
තවද ආයතනවල මනා ආරක්ෂණ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට උපදෙස් මාලාවකින් සමන්විත දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට එහිදී තීරණය කර තිබේ. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උෂ්ණත්වය නිරීක්ෂණය කිරීමේ උපකරණ සෑම ආයතනයකටම ස්ථාපනය කිරීමටත් එම කමිටුව මඟින් උපදෙස් ලබාදෙන ලදී. තම නිවෙසේ සාදාගන්නා මුඛ ආවරණ පැලැඳ ගැනීමට ජනතාව පෙලඹවීමටත් තීරණය කරන ලදී.
තවද හාම්පුතුන්ගේ සම්මේලනය විසින් කම්කරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කටයුතු කිරීමටත්, දින දෙකකට වරක් ව්‍යාප්තිය වැඩි නම් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට කම්කරු කොමසාරිස්වරයා මෙහිදී දැනුවත් කර තිබේ. කම්කරු දෙපාර්තමේන්තුවේ 24 පැය පුරා ක්ෂණික දුරකථන සේවාවක් ක්‍රියාත්මක කිරීමට, සියලුම ආයතන මෙම කමිටුව පිළිබඳව දැනුවත් කිරීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදෙන ලදී. කොරෝනා වැලඳුණු කෙනකු සඳහා ප්‍රතිකාර කළ යුතු රෝහල් පිළිබඳවද මෙහිදී ජනතාව දැනුවත් කළ යුතු බව සාකච්ඡා විය. මෙම කමිටුව ලබන 19 වැනිදා පෙ.ව. 10.30ට යළි රැස්වේ. මෙම අවස්ථාව සඳහා ජාතික වෘත්තීය උපදේශන සභාව වෙනුවෙන් ඇන්ටන් මාකස්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය වෙනුවෙන් ලෙස්ලි දේවේන්ද්‍ර, ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය සමිතිය වෙනුවෙන් සුමිත් වීරසිංහ, සමරපාල ගමගේ මෙන්ම හාම්පුතුන්ගේ සම්මේලනය සහ කම්කරු කොමසාරිස්වරයාද සහභාගි වූහ.
පහන් විජේසේකර
74 Views
102 Views
266 Views
162 Views
134 Views
142 Views
152 Views
144 Views
115 Views
182 Views
132 Views
142 Views
218 Views
245 Views
705 Views
78 Views
78 Views
75 Views
47 Views