
නිවසේ සිට ස්‌වයං නිරෝධායනයට ලක්වූ පළමු කාන්තාව සමාජ ගත කිරීම ඊයේ සිදු කැරිණි .
ඒ නාත්තන්ඩිය ප්‍රදෙශයෙදියි , නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මේ කාන්තාව ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝධායනයට ලක්වූ අතර මැය ඉතාලියේ සිට පසුගිය තුන්වැනි දින මෙරටට පැමිණ තිබිණි .
පසුගිය 18 වැනි දින පස්වරුවේ නිරෝධායන කටයුතු වලින් මේ පවුලේ සමාජිකයන් නිදහස් කරමින් වෛද්‍ය සහතිකයක් නිකුත් කිරීම හා ප්‍රදේශවාසිනට මේ බව දැන්වීම සදහා නිවස ඉදිරිපිට දැන්වීමක් දැමීමද සිදු කැරිණි .
මෙහිදී අදහස් දැක්වූ නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා ප්‍රකාශ කලේ මේ පවුලේ සාමාජිකයන් ඉතා හොදින් තම අධීක්ෂණය යටතේ ස්‌වයං නිරෝධායනයකට ලක්වූ බවයි.
ඒ පිලිබදව සැලකිල්ලට ගනිමින් වෛද්‍ය වාර්තාවක් නිකුත් කිරීමට තමන් පියවර ගත් බවද වෛද්‍ය උපුල් ජයතිලක මහතා වැඩිදුරටත් පැවසිය.
නාත්තන්ඩිය නගරයට ඉතා කිට්ටුවෙන් පිහිටා ඇති මේ නිවසේ සිටි කාන්තාව ප්‍රකාශ කලේ පසුගිය දින කීපයේ තමනට විවිධාකාරයේ තාඩන පීඩන වලට මුහුණ පෑමට සිදු වූ බවයි.
" අපි දිහා මිනිස්සු බැලුවේ අමුතු විදිහට . ඒ අවස්ථාවන්හිදී අපි ඇත්තටම අසරණ වුනා . නමුත් කරන්න දෙයක් තිබුනේ නැහැ.
අපි දැනගෙන හිටියා අපිට කිසිම රෝගී තත්වයක් නැහැ කියලා නමුත් කරන්න දෙයක් තිබුනේ නැහැ .
ඉවසීමෙන් සියල්ල විද දරා ගෙන සිටියා . කෙසේ වෙතත් දැන් ලොකු සතුටක් තියෙනවා .
රජය පිළිගෙන තිබෙනවා අපිට ලෙඩක් නැහැ කියලා.
ඒ පිළිබද අපිට සහතිකයක් නිකුත් කරලා තියෙනවා . ඒ නිසා දැන් බය නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්. " නාත්තන්ඩිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හතර දෙනෙකු මේ පවුලේ නිරීක්ෂණය කටයුතු සදහා යොදවා තිබිණි .
ප්‍රසාද් පුර්ණමාල්
74 Views
102 Views
266 Views
162 Views
134 Views
144 Views
152 Views
144 Views
115 Views
182 Views
132 Views
142 Views
218 Views
245 Views
705 Views
78 Views
78 Views
75 Views
47 Views