පැය 24ක් තුළ ඉතාලියේ කොරෝනා මරණ 475ක්
Thursday, 19 March 2020 - 7:24 | Views - 1,509
එක් දිනක් තුළ නව කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තාවුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගතවූ පැය විසි හතරක කාලය තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475 ක් වාර්තාවී ඇති බවයි.

ලොම්බාර්ඩියා නගරයෙන් ඊයේ දිනයේ පමණක් මරණ 319 ක් වාර්තාවනවා. මේ වනවිට කොරෝනා වෛරසයෙන් ඉතාලියෙන් පමණක් පුද්ගලයින් 2,978 දෙනෙකු මියගොස් ඇති අතර, එය දෙවන වන්නේ චීනයට පමණයි.

කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වන චීනයේ පුද්ගල මරණ 3,241 ක් වාර්තාවනවා. ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව 35,713 ක් වන අතර, ඉන් බහුතරයක් වයස්ගත පුද්ගලයින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව ඉතාලියේ තත්ත්වය ඉදිරියේදී මීට වඩා භයානක වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වනවිට සති දෙකකට ආසන්න කාලයක් ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 8,732 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 14,894 ක්. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී 83,313 ක් සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉතාලියට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉරානයෙන් වාර්තාවන අතර, එම ගණන  1,135 ක්. එරට ආසාදිතයන් සංඛ්‍යාව 17,361  දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ. ස්පාඤ්ඤයේ 13,910 දෙනෙකුට මෙම වෛරසය වැළඳී ඇති අතර, 623 දෙනෙකු මියගොස් තිබෙනවා. ඇමරිකාවේ 118 දෙනෙකු වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර, වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 7,769 ක්.

බ්‍රිතාන්‍යයේද 72 කු මියගොස් ඇති අතර, ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,642 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රටවල් 156 ක් පුරා පැතිර යන මෙම වෛරසය හේතුවෙන් ජර්මනියේ 28 දෙනෙකු මියගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව 12,327ක්්.

මේ අතර අත්‍යාවශ්‍ය  නොවන සංචාර සඳහා ඇමරිකා - කැනඩා දේශසීමා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඇමරිකානු ජනාධිපතිවරයා සහ කැනඩා අග්‍රාමාත්‍යවරයා අතර ඇතිකරගත් එකඟතාවකට අනුවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top