පුත්තලම, හලාවත සහ කොච්චිකඩේට පැනවූ පොලිස් ඇඳිරි නීතිය උදෑසන 8ට තාවකාලිකව ඉවත් කරයි
Thursday, 19 March 2020 - 7:13 | Views - 826
පුත්තලම සහ හලාවත පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට මෙන්ම කොච්චිකඩේ පොලිස් වසමට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (19) උදෑසන 8ට තාවකාලිකව ඉවත් කර පස්වරු 2 සිට නැවත දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
ඇඳිරි නීතිය ඉවත් කර ඇති කාලසීමාව තුළ තම ගමන් බිමන් උපරිම වශයෙන් සීමා කිරීමට කටයුතු කරන ලෙසට ද පොලිසිය දැනුම් දෙනවා.
ඇඳිරි නීති කාලය තුළදී සියලුම පුද්ගලයන් තම නිවෙස් තුල රැඳී සිටිය යුතුයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ එම පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කරන පොදු මගී ප්‍රවාහන සේවා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර ලබාදෙනු ඇති.
කටුනායක ගුවන්තොටුපල වෙත ගමන් ගන්නා ගුවන් මගීන් සඳහා ගුවන් ටිකට් පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කළ හැකි බවයි පොලිසිය වැඩිදුරටත් කියාසිටියේ.
Share This Article