පෞද්ගලික ආයතනවලට සෞඛ්‍ය ආරක්ෂක නිලධාරියෙක් පත් කරන්නැයි නියෝගයක්
Wednesday, 18 March 2020 - 12:58 | Views - 3,288
රජය විසින් නිවාඩු ලබාදී ඇති අවස්ථාවන්හි විවෘත කර ඇති පෞද්ගලික ආයතන සදහා සෞඛ්‍ය ආරක්ෂිත නිලධාරියෙකු පත් කළ යුතු බව කම්කරු අමාත්‍යාංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් දැනටමත් පෞද්ගලික ආයතන වෙත නිකුත් කර ඇති බවයි එහි ලේකම් සරත් අබේගුණවර්ධන ප්‍රකාශ කළේ.
පෞද්ගලික ආයතන විෂබීජහරණයට ලක් කිරීම, මුඛ ආවරණ පැළදීම එම උපදෙස් මාලාවට අයත් ප්‍රධාන කරුණු වනවා.
කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක නොකරන පෞද්ගලික ආයතනවලට එරෙහිව දිස්ත්‍රික් කම්කරු කොමසාරිස්වරයා හරහා නීතිය ක්‍රියාත්මක කරන බවයි කම්කරු අමාත්‍යාංශයේ ලේකම්, සරත් අබේගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ විශාල වශයෙන් මහජනයා එක්රැස් වන කර්මාන්තශාලා අනිවාර්යයෙන් නිරෝධානය කටයුතු සිදුකළ යුතු බවයි.
Share This Article