පෞද්ගලික ආයතනවලට සෞඛ්‍ය ආරක්ෂක නිලධාරියෙක් පත් කරන්නැයි නියෝගයක්
Wednesday, 18 March 2020 - 12:58 | Views - 3,289
රජය විසින් නිවාඩු ලබාදී ඇති අවස්ථාවන්හි විවෘත කර ඇති පෞද්ගලික ආයතන සදහා සෞඛ්‍ය ආරක්ෂිත නිලධාරියෙකු පත් කළ යුතු බව කම්කරු අමාත්‍යාංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් දැනටමත් පෞද්ගලික ආයතන වෙත නිකුත් කර ඇති බවයි එහි ලේකම් සරත් අබේගුණවර්ධන ප්‍රකාශ කළේ.

පෞද්ගලික ආයතන විෂබීජහරණයට ලක් කිරීම, මුඛ ආවරණ පැළදීම එම උපදෙස් මාලාවට අයත් ප්‍රධාන කරුණු වනවා.

කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක නොකරන පෞද්ගලික ආයතනවලට එරෙහිව දිස්ත්‍රික් කම්කරු කොමසාරිස්වරයා හරහා නීතිය ක්‍රියාත්මක කරන බවයි කම්කරු අමාත්‍යාංශයේ ලේකම්, සරත් අබේගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ විශාල වශයෙන් මහජනයා එක්රැස් වන කර්මාන්තශාලා අනිවාර්යයෙන් නිරෝධානය කටයුතු සිදුකළ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top