අපිරිසිදු වඩේ අලෙවි කළ හතර දෙනකුට දඩ
Wednesday, 18 March 2020 - 9:55 | Views - 551

මාවනැල්ල නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව වඩේ කරත්ත 12ක් පමණ ඇත. මීට පෙර මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට සියලුම වඩේ කරත්ත හිමිකරුවන් කැඳවා පුහුණු වැඩසටහනක් සංවිධානය කර සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාර පරිහරණය කරන ආකාරය පිළිබඳව දැනුවත් කෙරිණි. එහෙත් ඔවුන් ලබාදෙන ලද උපදෙස් අනුව කටයුතු නොකර, මහජන සෞඛ්‍යට හානිකර විය හැකි පරිදි කටයුතු කරන බවට මහජනතාව නිතර පැමිණිලි කර තිබේ.

ඒ අනුව බස් නැවතුම්පොළ ආශ්‍රිතව වඩේ කරත්ත සියල්ල පරීක්ෂා කරනු ලැබූ මාවනැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් ප්‍රියන්ත බණ්ඩාර සහ චමිල කස්තුරිආරච්චි යන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඉතාම අපිරිසුදු තත්ත්වයෙන් පවත්වාගෙන ගිය වඩේ කරත්ත 04ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කෙරිණි.

මෙම වඩේ කරත්තවල ගබඩා කර තිබූ වඩේ ඇතුළු ආහාර මැස්සන්ට හා දූවිලිවලට නිරාවරණය වන ලෙසද, මුද්‍රිත කඩදාසි කවරවල බහා විකිණීම කිරීම හා අතින් අල්ලා පාරිභෝගිකයන්ට ලබා දීම කර තිබිණි. බස් නැවතුම්පොළේ මෙම තත්ත්වය ඉතාම අවදානම් තත්ත්වයකි. 

බස් රථ ගමන් ආරම්භ කරන අවස්ථාවේ ඇති වන අධික දූවිල්ල හා දුමෙන් මෙම ආහාර අපවිත්‍ර වීම සහ ආහාර මත මැස්සන් වැසීම නිසා ආහාර මඟින් බෝවන රෝග මුළු ප්‍රදේශය පුරාම පැතිරීමේ දැඩි අවදානමක් පවතී.

ඉකුත් 11 වැනිදා වෙළෙඳුන් 4 දෙනාට එරෙහිව මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැඳවූ අවස්ථාවේ මාවනැල්ල මහෙස්ත්‍රාත් දිසා විනිසුරු උපුල් රාජකරුණා මහතා එක් අයකුට රුපියල් 12,000ක් බැගින් රුපියල් 48,000ක දඩ මුදලක් නියම කළේය. විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කරනු ලැබූ මහෙස්ත්‍රාත්වරයා අඩුපාඩු නිවැරදි කර ජූලි මස 22 වැනිදා අධිකරණය වෙත වාර්තා කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.

මාවනැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් ප්‍රියන්ත බණ්ඩාර මහතා නඩුවට පෙනී සිටි අතර මකෙහෙල්වල මහජන සෞඛ්‍ය පරීක්ෂක  චමිල කස්තුරිආරච්චි මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

.

 

 

මාවනැල්ල - කේ. වී. බණ්ඩාර

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top