
සිංහරාජයේ සේවය කරන සංචාරක මඟපෙන්වන්නකුට කොවිඩ් 19 (කොරෝනා) වැලඳී ඇතැයි පැතිර යන ආරංචියේ කිසිම සත්‍යතාවක් නැතැයි කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
ඉකුත් දින කිහිපය ඇතුළත කලවාන නගරය සහ අවට පැතිර ගිය ආරංචියකින් කියැවුණේ සිංහරාජයේ සංචාරය සඳහා පැමිණි විදේශීය සංචාරකයන් පිරිසකට මඟපෙන්වීමේ යෙදුණු ගයිඩ්වරයකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි.
අප කළ විමසීමේදී සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මූලස්ථාන මහජන පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ සිංහරාජයේ මඟ පෙන්වන්නකුට කොරෝනා වැළඳී ඇතැයි පැතිර යන ආරංචියේ කිසිදු සත්‍යතාවක් නැති බවයි.
මේ අතර අප කළ විමසීමකට පිළිතුරු දුන් සිංහරාජ සංචාරක මඟපෙන්වන්නකු වන ජයලාල් ගමගේ මහතා කීවේ එය අමූලික බොරුවක් බවයි.
කලවාන - සේන ජයකොඩි
74 Views
102 Views
266 Views
162 Views
134 Views
144 Views
152 Views
144 Views
115 Views
182 Views
132 Views
142 Views
218 Views
245 Views
705 Views
78 Views
78 Views
75 Views
47 Views