ඉතාලියෙන් හා කොරියාවෙන් පැමිණි බොහෝ දෙනෙක් නිරෝධායනය වෙලා නැහැ
Wednesday, 18 March 2020 - 9:50 | Views - 589

ඉතාලියෙන් හා කොරියාවෙන් ඉකුත් දින කිහිපය තුළ මෙරටට පැමිණි ශ්‍රී  ලාංකිකයන් විසිදෙනකුට අධික පිරිසක් නිරෝධායනයට ලක්නොවී පැමිණ ඇති බව හෙළිවී ඇතැයි රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මොවුන් නිරෝධායනයට ලක්නොවී ඉකුත් දින කිහිපය තුළ නිවෙස්වලට ගොස් සැඟවී සිටින බවට ගම්වාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇති බවත් සෞඛ්‍ය බලධාරීන් මොවුන් සොයා නිවෙස්වලට ගියත් ඔවුන් නිවෙස්වල නැති බවත් සෞඛ්‍ය බලධාරීහු කියති.

එසේ වසංවී සිටින අය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඉතාලියෙන් හා කොරියාවෙන් පැමිණි පුද්ගලයන් රිදීගම ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් සිටින බවට ප්‍රදේශවාසීන් නඟන චෝදනා සම්බන්ධව රිදීගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකදී පුද්ගලයන් 08 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් රිදීගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත කේ. මන්සක්කාර මහතා පැවැසීය.

විජේසිංහ වැලිකන්ද 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top