
ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් සහ සිය රටේ ස්ථීර පදිංචිකරුවන් හැර අන් සියලුම පුද්ගලයන් හට තම රටේ දේශ සීමාවන් හරහා ගමන් කිරීම ඊයේ සිට තහනම් කරන ලද බව කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකානු ජාතිකයන් හට විශේෂයක් දක්වා ඇත්තේ මන්දැයි වාර්තාකරුවකු කළ විමසුමට පිළිතුරු දෙමින් අගමැති ටෘෘඩෝ මෙසේ පවසා ඇත. අප දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් අනෙක් රටවල් අතර ඇති තත්ත්වයට වඩා වෙනස්ය. ඇමෙරිකාව වෙනම කාණ්ඩයකට අයත් ලෙස කැනඩාව සලකයි.
කැනඩාව තුළ කොවිඩ් -19 වයිරසය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා හැකිතාක් සමාජයෙන් දුරස්ව සිටින්නැයි ඔහු සිය රටවැසියන්ගෙන් ඉල්ලා ඇත. දේශ සීමා වසා දැමීමෙන් මෙම වසංගතයෙන් ගැලවිය නොහැකි බව මින්පෙර ජස්ටින් ටෘෘඩෝ පවසා තිබිණි.
නමුත් එම ප්‍රකාශය කැනේඩියානු වෛද්‍ය විශේෂඥයන්ගේ දැඩි විවේචනයට බඳුන් විය.
ඉදිරි සති 2ක කාලය වයිරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇතැයි කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනි තෙරේසා ටෑම් පවසන්නීය.
මෙම දේශ සීමා වසාදැමීම නිසා වෙළෙඳ කටයුතුවලට බාධාවක් නැතැයි කැනඩා බලධාරීහු පවසති.
ඇමෙරිකාව සහ කැනඩාව අතර ප්‍රවාහනය කෙරෙන වෙළෙඳ භාණ්ඩවලින් 75% ක්ම සංසරණය වන්නේ දෙරට අතර ඇති නිදහස් දේශ සීමාව හරහාය.
74 Views
102 Views
266 Views
162 Views
134 Views
144 Views
152 Views
144 Views
115 Views
182 Views
132 Views
142 Views
218 Views
245 Views
705 Views
78 Views
78 Views
75 Views
47 Views