කැනඩාව දේශ සීමාව වසා දමයි
Wednesday, 18 March 2020 - 9:47 | Views - 552

ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් සහ සිය රටේ ස්ථීර පදිංචිකරුවන් හැර අන් සියලුම පුද්ගලයන් හට තම රටේ දේශ සීමාවන් හරහා ගමන් කිරීම ඊයේ සිට තහනම් කරන ලද බව කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකානු ජාතිකයන් හට විශේෂයක් දක්වා ඇත්තේ මන්දැයි වාර්තාකරුවකු කළ විමසුමට පිළිතුරු දෙමින් අගමැති ටෘෘඩෝ  මෙසේ පවසා ඇත.  අප දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් අනෙක් රටවල් අතර ඇති තත්ත්වයට වඩා වෙනස්ය. ඇමෙරිකාව වෙනම කාණ්ඩයකට අයත් ලෙස කැනඩාව සලකයි.

කැනඩාව තුළ කොවිඩ් -19 වයිරසය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා හැකිතාක් සමාජයෙන් දුරස්ව සිටින්නැයි ඔහු සිය රටවැසියන්ගෙන් ඉල්ලා ඇත. දේශ සීමා වසා දැමීමෙන් මෙම වසංගතයෙන් ගැලවිය නොහැකි බව මින්පෙර ජස්ටින් ටෘෘඩෝ  පවසා තිබිණි.  

නමුත් එම ප්‍රකාශය කැනේඩියානු වෛද්‍ය විශේෂඥයන්ගේ  දැඩි විවේචනයට බඳුන් විය. 

ඉදිරි සති 2ක කාලය වයිරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇතැයි කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනි තෙරේසා ටෑම් පවසන්නීය.

මෙම දේශ සීමා වසාදැමීම නිසා වෙළෙඳ කටයුතුවලට බාධාවක් නැතැයි කැනඩා බලධාරීහු පවසති.

 ඇමෙරිකාව සහ කැනඩාව අතර ප්‍රවාහනය කෙරෙන වෙළෙඳ භාණ්ඩවලින් 75% ක්ම සංසරණය වන්නේ දෙරට අතර ඇති නිදහස් දේශ සීමාව හරහාය.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top