ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිස අද දිවයිනට
Wednesday, 18 March 2020 - 9:26 | Views - 804
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 900කට ආසන්න පිරිස අද මධ්‍යම රාත්‍රියට පෙර දිවයිනට ගෙන්වා ගැනීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ විශේෂ ගුවන් යානයක් මගින් ඔවුන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි.

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කිරීමට පෙර මෙම පිරිස ඉන්දියාවට ගොස් තිබෙනවා.

මේ අතර,  ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, ජනතාවට දැනුම් දී ඇත්තේ රට තුළ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් එක්රොක් නොවන ලෙසටයි.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඔහු මෙම පියවර ගෙන ඇති අතර,  ඕස්ට්‍රේලියාවෙන් රෝගය ආසාදනය වූ පුද්ගලයින් 450ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 5ක්.

කොරෝනා වසංගතයේ තිඹිරිගෙය වූ චීනයේ මසකට පසුව පාසල් කිහිපයක් විවෘත කර තිබෙනවා. චීනයේ රෝගීන් 81,074ක් වාර්තා වන අතර, 56,883ක් සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වන විට රටවල් 153ක පැතිර ඇති කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 97,121ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top