යුරෝපා සංගමයෙන් සංචාරක තහනමක්
Wednesday, 18 March 2020 - 8:31 | Views - 744
කොරෝනා වෛරසය පැතිර යාම වලක්වා ගැනීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් 26ක දේශසීමා වසා දමමින් අත්‍යාවශ නොවන සියළු ගමන් තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසයට එරෙහිව ඒකාබද්ධ උපාය මාර්ගයක් සැකසීම සදහා යුරෝපා සංගමයට අයත් රටවල නායකයින් ඊයේ පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයක නිරත වූ අතර ඉන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

යුරෝපා සංගමය සිය සාමාජික රටවලට දැනුම්දී ඇත්තේ දින 30ක සංචාර තහනමක් පනවන ලෙසටයි. ඊට හේතු වී ඇත්තේ ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශයේ කොරෝනා වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමයි.

ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 2503 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රෝගීන් සංඛ්‍යාව 31,506ක්.

එමෙන්ම කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළ ප්‍රාන්ත මැතිවරණය කල් දමා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.  

මේ වන විට ඇමරිකාවේ වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 6423 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය පාලනය කිරීම සඳහා චීනය නිෂ්පාදනය කළ නව එන්නත රෝගය ආසාදනය වූ පුද්ගලයන්ට ලබාදීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ. ඊයේ ඇමරිකාව ද එවැනි එන්නතක් අත්හදා බලනු ලැබුවා.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ආසියාව දැඩි පියවර ගනිමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ආසියාතික රටවලට මෙම වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති  බවයි.

මේ වන විට ලොව පුරා රටවල් 154ක පැතිර යමින් පවතින කොරෝනා වෛරසයෙන් මරණ 7905ක් වාර්තා වන අතර, ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 97,185ක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top