ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට
Wednesday, 18 March 2020 - 8:13 | Views - 891

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ නිකුත් කළා.
එමෙන්ම කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් රජය දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් මේ මස 28 වන දා නිකුත් කිරීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අවසන් කර තිබුණත් ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ අනෙකුත් කටයුතු සිදුකිරීම සඳහා රජය ලබාදී ඇති නිවාඩු බලපා ඇති බවයි.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සති කිහිපයකට ප්‍රමාද වනු ඇති. 2019 සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වූ අතර ඊට අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008ක් පෙනී සිටියා.
මේ අතර, ඇමරිකාවේ ප්‍රාන්ත 50කට කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති බව විදෙම් වාර්තා ප්‍රකාශ කළා. වෙස්ට්වර්ජනියා ප්‍රාන්තයට අවසන්වරට මෙම වෛරසය පැතිර ගොස් ඇති අතර එහි පළමු ආසාදිතයා ඊයේ හමුවුණා.

Share This Article