මේවනවිට කොරෝනා රෝගීන් 34 දෙනෙකු වාර්තාවෙයි -[Live]
Tuesday, 17 March 2020 - 16:58 | Views - 4,139
කොරෝනා රෝගීන් 34 දෙනෙකු වාර්තා වී ඇති බව  සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියාය.

රාජගිරිය පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  ඇය මේ බව ප්‍රකාශ කළාය.

මේ අතර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැලිකන්ද මූලික රෝහල යොදා ගැනීමට පියවර ගන්නා බවත් ඇය ප්‍රකාශ කළාය.

"රෝගීන්ගේ හැසිරීම හා විනය ගැන අපි කනගාටු වෙනවා. අපි මේ අයව සම්බන්ධීකරණය කරන්න කටයුතු සකස් කර තිබුණා. ඉතාලියෙන් පැමිණි පිරිස කලහකාරී ලෙස හැසිරුණ නිසා සූදානම් නොමැතිව යුද හමුදාවට එයට මැදිහත් වෙන්න සිදුවුණා. ඒ නිසා යුද හමුදාවේ කෙනෙකුට රෝගය වැළඳිලා තිබෙනවා."

මේ අනුව කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 6ක් අද දිනයේදී හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පැවැසීය.

01 පළමුව හඳුනාගත් සංචාරක මඟපෙන්වන්නාගේ බිරිඳ.

02 ජර්මනියේ සංචාරය කළ පුද්ගලයාට සම්බන්ධ වූවෙක්.

03 එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්.

04 කැළණිය ප්‍රදේශයේ පුද්ගලයෙක්.

05 මාරවිල ප්‍රදේශයේ පුද්ගයෙක්.

06 කටාර් රාජ්‍යයේ සිට පැමිණි අවුරුදු 25ක උඩුගම්පොල පදිංචි පුද්ගලයෙක්.

මෙසේ කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගයන් වෙයි.

"පුත්තලම ප්‍රදේශය සම්බන්ධයෙන් ජනපතිවරයාත් විශේෂ අවධානයක් යොමුකළා. නිවෙස්වල නිරෝධායනය වීම සඳහා උපදෙස් දුන්නත් එය මග හැරුණු අවස්ථාව තිබෙනවා. නමුත් දැන් නිසි පරිදි අවශ්‍ය කටයුතු සිදුවෙනවා" යැයි අනිල් ජාසිංහ මහතා පැවැසීය.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top