සුප්‍රකට හොලිවුඩ් නළු ඉඩ්රිස් එල්බාට කොරෝනා ආසාදනය වෙයි
Tuesday, 17 March 2020 - 12:17 | Views - 661
තමන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව සුප්‍රකට හොලිවුඩ් නළු ඉඩ්රිස් එල්බා ප්‍රකාශ කර සිටි යි.
47 හැවිරිදි ඔහු මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිපල ලැබී තිබුණේ ඊයේ (16) දිනයේ දී ය. සිය ට්විටර් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ඒ බව කියා සිටියේ ය.
තමන් වෙතින් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් තමන් හොඳින් සිටින බවත් ඉඩ්රිස් සඳහන් කර යි.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු සමඟින් ගැවසුණු බව දැනගත් නිසා ඉකුත් සිකුරාදා සිට ස්වයං නිරෝධයනයේ යෙදුණු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Share This Article