කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක්
Tuesday, 17 March 2020 - 11:26 | Views - 1,520
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු පියවර පෙළක් වෛද්‍ය විශේෂඥයන්ගේ සම්මේලනය මගින් යෝජනා කර තිබෙනවා.

වෛරසය මැඬලීම සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබදව ප්‍රසාදය පළ කරන එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ එම කාර්යයන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කරන බවයි.

එමගින් ඉදිරිපත් කරන පළමු යෝජනාව වන්නේ මෙරට සියළුම ගුවන් තොටුපළ සහ වරාය හරහා මගීන් හුවමාරු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි  සති දෙකක කාලයකට අත්හිටුවීමයි.

එමෙන්ම,  අධි අවදානම් රටවල් පමණක් නොව සියළුම රටවලින් පැමිණෙන සියල්ලන් දින 14ක නිරෝධායන කාලයකට යටත් කිරීම එවැනි තවත් යෝජනාවක්.

වෛරසය තවදුරටත් මෙරට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ තීරණාත්මක පියවරක් ලෙස මුළු දිවයිනම සතියක කාලයක් මුළුමනින් වසා දැමීමටත් අවශ්‍ය වුවහොත් එය දෙවැනි සතියක් දක්වා දීර්ඝ කිරීමටත් පියවර ගන්නා ලෙස වෛද්‍ය විශේෂඥයන්ගේ සම්මේලනය ඉල්ලා සිටිනවා.

මේ අතර, ඓතිහාසික සහ පුරාවිද්‍යා ස්මාරක භූමි දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා  ඉදිරි දින තුන තුළ වසා තැබීමට බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, එම වැඩබිම්වල සේවකයන් පුරාවිද්‍යා භූමි සංචාරකයන් සඳහා විවෘත කිරීමට පවතින දුෂ්කරතා දැනුම් දීමෙන් අනතුරුවයි.

මේ අතර, කොවිඩ් නයින්ටීන් ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යළි අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේත් පැවැත්වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top