අද සිට දින 3ක් දුම්රිය ගමන් වාර 86ක් අවලංගු කෙරේ
Tuesday, 17 March 2020 - 10:59 | Views - 1,321

රජය මගින් විශේෂ දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට අනුකූලව අද සිට ලබන 19 වන දා දක්වා දුම්රිය ගමන් වාර 86ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.
දිනපතා ක්‍රියාත්මක වන කාර්යාල දුම්රිය ද ඊට ඇතුළත් වන බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.
කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය අද සිට 20වන දා දක්වා වසා තැබෙන බව නිවේදනය කරනු ලැබුවා.
සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගේ සහ කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව වෙනුවෙන් එම පියවර ගනු ලැබූ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් සේවා අංශයේ කටයුතු අද සිට 20 වන දා දක්වා සිදුනොකෙරන අතර විදේශයන්හි සිදුවන මරණවලට අදාළ සහතික පමණක් කලින් ඇමතීමෙන් ලබා ගත හැකි වනු ඇති.
රජය මගින් විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වීසා නිකුත් කිරීමේ සියළුම සේවාවන් ද අද ක්‍රියාත්මක නොවන බව එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. කලින් වේලාවන් වෙන් කර ගත් අයට මේ අනුව නව වේලාවන් ලබා ගැනීමට සිදුවනු ඇති. මෙය ඇමරිකානු පුරවැසියන් සඳහා අදාළ නොවන බවයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
Share This Article