ජනප්‍රිය හොලිවුඩ් නිළියක වන ඔල්ගා කුරලෙන්කෝ හට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වනවා.
ඇය මේ සම්බන්ධයෙන්, සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි ද සටහනක් තබා තිබෙනවා.
එහි ඇය දක්වා ඇත්තේ, වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව නිවසේ දොර වසාගෙන හුදෙකලා වීමට තීරණය කළ බවයි.
පසුගිය සතිය පුරාවට අසනීප තත්ත්වයෙන් පසුවූ බවත්, උණ සහ තෙහෙට්ටු ගතියක් පෙන්නුම් කළ බවයි එම පණිවුඩයේ සදහන්.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වන්න, තත්ත්වය බැරෑරුම් බව සලකන ලෙසයි ඔල්ගා කුරලෙන්කෝ වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ.
2008 වසරේදී තිරගත කළ, ජේම්ස් බෝන්ඩ් චිත්‍රපටි පෙළට අයත්, Quantum of Solace සහ 2013 දී ඇය රංගනයෙන් දායක වූ Oblivion චිත්‍රපටිය අතිශ්‍ය ජනප්‍රිය වුණා.
ඔල්ගා මේ වනවිට 40 වන හැවිරිදි වියේ පසුවනවා.
