ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවලින් ඉල්ලීමක් කරයි
Tuesday, 17 March 2020 - 8:01 | Views - 3,972
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කරන සියළුම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවලින් ඉල්ලීමක් කරනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ගින්දර සමඟ අන්ධයන් ලෙස සටන් කළ නොහැකි බවයි.

එබැවින් සැක කටයුතු සියළු පුද්ගලයන් පරීක්ෂාවට ලක් කොට හඳුනා ගන්නා ආසාදිතයන් නිරෝධායනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළා.

මේ වන විට චීනයේ ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අභිබවා ලොව අනෙක් රටවල ආසාදිත සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව කොවිඞ් නයින්ටීන් වෛරසය නූතන යුගයේ ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් බවට පත්වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් සදහන් කළේ.

කෙසේ නමුත් මෙවැනි අර්බුද තුළින් මිනිස් වර්ගයාගේ අයහපත්ම තත්ත්වයන් මෙන්ම මානුෂිකත්වයේ යහ ප්‍රතිඵල ද මතු කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top