ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළට
Monday, 16 March 2020 - 19:59 | Views - 278
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට එක්ලක්ෂ 69,387 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, මරණ සංඛ්‍යාව ද 6513ක් බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ සංඛ්‍යාව මේ වන විට 1809 දක්වා ඉහළ ගොස් ඇති අතර, පැය 24ක් තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 328ක්.
ඒ අනුව චීනයෙන් පිටත කොරෝනා වෛරස් මරණවලින් අඩක්ම වාර්තා වන්නේ ඉතාලියෙන්.
මේ අතර, වතිකානුව ද පාස්කු සතියේ සැමරුම් උත්සව සියල්ල අවලංගු කර ඇති අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයට ගොස් කොරෝනා වෛරසයට ගොදුරු වූවන්ට ආශිර්වාද මෙහෙයන් හි නිතර වුණා.
ඉතාලියට අමතරව ස්පාඤ්ඤය සහ ප්‍රංශය කොවිඞ් නයින්ටීන් වෛරසයෙන් වැඩිම පීඩාවට පත්වූ රටවල් වනවා. ප්‍රංශය අත්‍යවශ්‍ය නොවන සියළු ව්‍යාපාරික කටයුතු නතර කර ඇති අතර, ස්පාඤ්ඤය අත්‍යාවශ්‍ය කටයුතුවලට හැර සිය වැසියන්ට නිවෙස්වලින් නික්මීම තහනම් කර තිබෙනවා.
වෛරස් ආසාදිතයන් ඉහළ ගොස් ඇති ජර්මනිය, ඔස්ටි්රයාව, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ ඩෙන්මාර්කය ද නව පියවර රැසක් හඳුන්වා දී තිබෙනවා.
Share This Article