චීනයෙන් පිටත කොරෝනා ආසාදිතයන් වැඩි වේ - අඩක් යුරෝපයේ
Monday, 16 March 2020 - 19:13 | Views - 580

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට එක්ලක්ෂ 69,387 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, මරණ සංඛ්‍යාව ද 6513ක් බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ සංඛ්‍යාව මේ වන විට 1809 දක්වා ඉහළ ගොස් ඇති අතර, පැය 24ක් තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 328ක්.
ඒ අනුව චීනයෙන් පිටත කොරෝනා වෛරස් මරණවලින් අඩක්ම වාර්තා වන්නේ ඉතාලියෙන්.
දැන් චීනයේ ආසාදිත සංඛ්‍යාව අභිබවා චීනයෙන් පිටත කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම විශේෂත්වයක්.
මේ වන විට චීනයේ ආසාදිත සංඛ්‍යාව 80,860ක් ලෙස සටහන් වන අතර, චීනයෙන් පිටත ආසාදිතයින් සංඛ්‍යාව 87,000කට අධිකයි.
මේ අතර, වතිකානුව ද පාස්කු සතියේ සැමරුම් උත්සව සියල්ල අවලංගු කර ඇති අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයට ගොස් කොරෝනා වෛරසයට ගොදුරු වූවන්ට ආශිර්වාද මෙහෙයන් හි නිතර වුණා.
ඉතාලියට අමතරව ස්පාඤ්ඤය සහ ප්‍රංශය කොවිඞ් නයින්ටීන් වෛරසයෙන් වැඩිම පීඩාවට පත්වූ රටවල් වනවා.
ප්‍රංශය අත්‍යවශ්‍ය නොවන සියළු ව්‍යාපාරික කටයුතු නතර කර ඇති අතර, ස්පාඤ්ඤය අත්‍යාවශ්‍ය කටයුතුවලට හැර සිය වැසියන්ට නිවෙස්වලින් නික්මීම තහනම් කර තිබෙනවා.
ස්පාඤ්ඤයේ පැය 24ක් තුළ නව කොරෝනා ආසාදිතයන් 2000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ අතර, මරණ 100කට වැඩි සංඛ්‍යාවක් ද වාර්තා වී තිබෙනවා.
වෛරස් ආසාදිතයන් ඉහළ ගොස් ඇති ජර්මනිය, ඔස්ටි්රයාව, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ ඩෙන්මාර්කය ද නව පියවර රැසක් හඳුන්වා දෙනු ලැබුවා.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මාසයක කාලයක් සඳහා වසා දැමුණු පිලිපීනයේ මැනිලා අගනුවරට ඇතුළුවීම සඳහා මාර්ග බාධකවල කිලෝමීටරයක් පමණ දුරට ජනයා පෝලිම් ගැසී සිටින බව වාර්තා වනවා.
පිලිපීන අගනුවර අභ්‍යන්තර ගමන් සීමා කර එහි වෙළඳසැල් වසා ඇඳිරි නීතිය පනවා තිබුණ ද පොලිස් සහ හමුදා පරීක්ෂා කිරීම්වලින් පසු ජනතාවට ඊට ඇතුළු විය හැකියි.
මිලියන 12ක ජන ගහනයක් වෙසෙන පිලිපීනයේ මැනිලා නුවරට තදාසන්න ප්‍රදේශවලින් කම්කරුවන් විශාල පිරිසක් දිනපතා පැමිණෙනවා.
මේ අතර, ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකින් ප්‍රථම වරට කොරෝනා වෛරස් ආසාදිතයෙකු සොයාගෙන තිබෙනවා.
සැන් - දියේගෝ නාවික කඳවුරේ ඇති යූ.එස්.එස්. බොක්සර් නෞකාවේ නැවියෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව සදහන්.
කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව මේ වන විට 3774ක් වන අතර, එරටින් මරණ 68ක් ද වාර්තා වනවා.
කොරෝනා වෛරසය වැළදි ඇත්දැයි තහවුරු කිරිම සදහා සිදුකරන පරීක්ෂණ සහ නිරෝධායනය ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාල බලතල පොලිසියට ලබාදීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව වයස අවුරුදු 70 ට වැඩි සියලූ පුද්ගලයන් මාස 4 ක කාලයක් ස්වයං නිරෝධායනයකට ලක් කිරීමටත්, නිරෝධායනය සහ පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන්නන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට යුරෝ දහසක දඩයක් නියම කිරීමටත් තීරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් ආසාදිතයන් 1395ක් සහ මරණ 35ක් වාර්තා වුණා.
ඇමරිකා එක්සත් ජනපදය නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, ලාස් වේගාස් ඇතුළු නගරවල කඩ සාප්පු, අවන්හල්, කැසිනෝ ශාලා ආදිය වසා දමා ඇති අතර, පුද්ගලයින් 50කට වැඩි පිරිසක් රැස්වීම තහනම් කර තිබෙනවා.
කොරෝනා වෛරසය සමඟ පැන නැගී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පොලී අනුපාත සියයට බින්දුව දක්වා කපා හැරීමට ද ඇමරිකානු මධ්‍යම සංචිතය තීරණය කළා.
ඉන්දීය බොලිවුඞ්පුරයේ සිනමා රූගත කිරීම් ද කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මේ මස අවසන් වන තුරු අත්හිටුවා තිබෙනවා.
Share This Article