නිවාඩු දීර්ඝ කරන්න තීරණයක් නෑ
Monday, 16 March 2020 - 15:03 | Views - 7,569
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව ඉදිරියට දීර්ඝ කිරීමට තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පවතින තත්ත්වය නිරීක්ෂණය කර ඉදිරියේදී නිවාඩු දීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් යළි තීරණයක් ගන්නා බවද ලේකම්වරයා කීවේය.
Share This Article