කොරෝනා ව්‍යාප්තිය වළක්වාලීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන චක්‍රලේඛයක්
Monday, 16 March 2020 - 11:26 | Views - 3,843

සැළකිය යුතු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් හමුවී ඇති බැවින් එම තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පවසනවා.
සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සහය ලබාගෙන සිය කාර්යාල තුළ කොරෝනා මර්දන තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බවයි එම අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
කොරෝනා මර්දන තොරතුරු වාර්තාකරන මධ්‍යස්ථානය වෙත සහය සඳහා අදාළ කාර්යාල අයත් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් එම ඒකකයට සහය පිණිස පොලිස් නිලධාරියෙකු අනුයුක්ත කළ යුතු වනවා.
මේ අනුව ගම් මට්ටමේදි ඒ ඒ ග්‍රාම නිලධාරී වසම් භාර ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සියලුදෙනාගේ සහයෝගයෙන් ග්‍රාමීය සිවිල් ආරක්ෂක කමිටුව හෝ ග්‍රාමීය ඩෙංගු මර්දන කමිටුව හා එක්ව කටයුතු කළ යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
මේ අතර එංගලන්තයේ සිට දිවයිනට අද පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය සඳහා දියතලාව සහ වවුනියාව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
හිරු ටී වී ඔස්සේ මේ වනවිට විකාශය වන කොරෝනා ඇත්ත - නැත්ත සජීවී සංවාදයට එක්වෙමින් යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක බවයි.
පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන, එහෙත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන්ගෙන් වෛරසය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
රටවල් කිහිපයක් එක්ව සිදුකළ අධ්‍යයනයකදී සහ ඇමරිකාවේ මැසචුසෙට් ප්‍රාන්තයේ උද්ගතවූ තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මේ බව අනාවරණ වී ඇත්තේ.
කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් හරහා කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත විය හැකි බවට මීට පෙර ප්‍රකාශ කළද නවතම අධ්‍යයනවලදී තහවුරු වී ඇත්තේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රෝගය වැළඳී තිබිය හැකි බවයි.
Share This Article