ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14ක කන්සියුලර් සේවා අද සිට සීමා
Monday, 16 March 2020 - 9:24 | Views - 1,218
ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ ඊයේ පස්වරුවේ තවත් ආසාදිතයන් 7 දෙනෙකු සොයා ගැනීමත් සමඟයි.

පිරිමි පුද්ගලයින් වන අතර මොවුන් සියලු දෙනා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මෙම රෝගීන් සියළු දෙනා මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

ඊට අමතරව කොරෝනා ආසාදනය වී ඇති බවට සැකපිට තවත් 130කට අධික පිරිසක් දිවයිනේ රෝහල් 14ක ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, විදෙස්ගතව සිට මෙරටට පැමිණ කන්දකාඩු, මඩකලපුව සහ දියතලාව ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1715ක් වන අතර, ඉන් 14 දෙනෙකු සැකසහිත රෝගී තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සමඟ අද රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට මහජනයා ගැවසෙන විෂබීජහරණයට ලක් කරන බවයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර, අද දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණ ද සෞඛ්‍ය සේවාව සඳහා නිවාඩු දිනයක් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම පිටකොටුව මැනිං වෙළඳපොල මෙන්ම තොග සහ සිල්ලර වෙළඳසැල් විවෘතව තබන ලෙසයි රජය වෙළඳුන්ගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම කොරෝනා වෛරසය පිළිබඳ ජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා 117 යන දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.

ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

බ්‍රිතාන්‍ය, බෙල්ජියම, නෝර්වේ, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව මෙම රටවල් 14ට අයත්.

ඒ අනුව අද සිට ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ඉටුකරනු ලබන කන්සියුලර් සේවාවන්, හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍ය යැයි සැළකෙන හදිසි සේවාවන් සීමා කරනු ඇති.

මේ අතර ස්වයං නිරෝධායනයකට ලක්වූ විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිනිය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය වැඩිදුර තොරතුරු වාර්තා කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මෙම නිලධාරිනිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගිවූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු දූත පිරිස සමඟ කටයුතු කරනු ලැබුවේ පෙබරවාරි මස 20 වනදා සිට මාර්තු 1 වනදා දක්වා කාලය තුළ යුරෝපයේ පෞද්ගලික සංචාරයේ නියුතුව සිටි වෛරසය ආසාදනය වූ ඇයගේ පවුලේ සාමාජිකයා තනිව හමුවීමට පෙර බවයි.

එමෙන්ම මෙම නිලධාරිනිය මේ මස 8 වනදා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එදින සිට විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නිලධාරිනිය අතර කිසිදු හමුවක් සිදුව නොමැති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top