කොරෝනා ජයගන්න ගවමුත්‍රා බොන ඉන්දියානුවෝ (VIDEO)
Monday, 16 March 2020 - 8:34 | Views - 412
කොරෝනා ජයගන්න ගවමුත්‍රා බොන ඉන්දියානුවෝ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල පුද්ගල කණ්ඩායම් කොරෝනා වෛරසයෙන් ගැලවීමට ගව මුත්‍රා පානය කිරීමේ වැඩසටහන් සංවිධානය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අග්‍රාමාත්‍ය මෝදිගේ පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීන් ගව මුත්‍රා සහ අසූචි කොරෝනා වෛරසය වලක්වා ගැනීමට හා ප්‍රතිකාර සඳහා යෝග්‍ය බව පවසා ඇතැයි සඳහන්. අකිල් භාරත් හින්දු මහසභා නම් සංවිධානය පසුගිය සෙනසුරාදා ගවමුත්‍රා පානය කිරීමේ වැඩසටහනක් දිල්ලි අගනුවර දී සංවිධානය කර තිබුණා.

බොහෝ හින්දු ජාතිකයන් ගවයා පූජනීය වස්තුවක් වශයෙන් සලකනවා. මෝදිගේ හින්දු ජනතාවාදී පක්ෂයේ සාමාජිකයන් බොහොමයක් ද ගව මුත්‍රා සහ අසූචි රෝග සුව කිරීමේ අරමුණින් බොහෝ කාලයක් තිස්සේ භාවිතා කරනවා.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික විශ්වාසයන් මත භාවිතයට ගන්නා මෙවැනි ද්‍රව්‍ය කොරෝනා වෛරසය පාලනය කිරීමට දායක නොවන බව වෛද්‍ය විශේෂඥයන් නැවත නැවතත් අවධාරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය පාලනය කිරීමට මේ වනතෙක් කිසිඳු නිශ්චිත පිළියමක් සොයාගෙන නැහැ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top