බාල වයස්කාර දරුවන් දෙදෙනෙක් නිරුවත්කර පහර දුන් අයෙක් රක්ෂිත බන්ධනාගාරයට
Monday, 16 March 2020 - 8:13 | Views - 907
බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙක් නිරුවත්කර පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළා.

12 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකුට මෙලෙස පහර දී ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගලේවෙල, එබවෙල ප්‍රදේශයේ පදිංචි අදාල දරුවන් දෙදෙනා සිය නිවසට යාබදව පිහිටි ඉඩමකට ඇතුළු වී උණ ගසක් කපා ඇති අතර ඒ සම්බන්ධයෙන් උරණ වූ අදාල ඉඩමේ හිමිකරු මෙලෙස දරුවන් දෙනෙනා නිරුවත් කර පහර දී තිබෙනවා.

අදාල පහරදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්කාරී තත්වයක් ද හටගෙන ඇති අතර එම අවස්ථාවේ පොලිසිය පැමිණ සැකකාර ඉඩම් හිමියා අත්අඩංගුවට ගැනුණා.

පහරකෑමට ලක්වූ දරුවන් දෙදෙනා මාදිපොල ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top